• BECAUSE I AM ADDICTED

    කැලෑ මල් පිපී විකසිතව


                    
                    උදෙන්ම කැමරාවත් අරගෙන වෙල පැත්තට ගියෙ සමණල්ලුන්ගෙ ෆොටෝස් ටිකක් ගන්න හිතාගෙන. ඒත් පැයක් දෙකක් එහෙ මෙහෙ ඇවිද්දත් ආසාවට එකෙක්වත් ආවෙ නෑනෙ. කරුමෙ කියන්නෙ කුරුල්ලෙක්වත් නැහැ. උනුත් ලෝක විනාසේ බයේ හැංගිලාද මන්දා.. අපි වලක් කැපුවොත් ඒකෙත් ගෙම්බොලු. නිකන්නම් කමක් නැහැ වලෙත් ගස් ගෙම්බො.

                     ලෝක විනාසෙ ගැන කිව්වමයි මතක් වුනේ. මේ දවස් වල හැමතැනම කතා වෙන්නෙ පාට පාට එලි ගැනයි, රතු වැහි ගැනයිනෙ. ටීවි එකේ ඉන්න අංකල්ලා ඇන්ටිලාත් ඉතින් ඕවා ගැන රස කර කර කියනවලුනෙ. මමනම් ටීවි එක ප්‍රවෘත්ති ඇහිල්ල අතෑරලා දාලා සෑහෙන කල්ලු.. ඒත් තාම ගොඩක් දෙනක් ඕවා අහලා විශ්වාස කරනවනෙ.. ඉතින් එහෙම එකෙක් හරි හැදෙයි කියලා හිතාගෙන අපේ බ්ලොග් ගඩොල් එකේ ලිපියක් පල කලා "අවිද්‍යාව, ජ්‍යෝතිෂය සහ ලාංකික සමාජය" කියලා. ඔන්න ඔහෙ ඒකත් ගිහින් කියෝලා එන්නකෝ..



    හරි ඒ කතා ඇති. දැන් බලමු කැලෑ මලේ ලස්සණ........................

                     හිස් අතින් ආපහු එද්දි තමා මේයාලව දැක්කෙ. වෙල අයිනෙ බඩවැටියකලු මෙයාල පිපිලා හිටියෙ. එක එක අතට ෆොටෝස් විස්සක් විතර ගහපු මම ආපහු ගෙදර බලා සැපත් වුනාලු.  






    මෙයාලගෙ නම ගමනම් මම දන්නෙ නැහැ, දන්න කෙනෙක් ඉන්නවනම් හැමෝමත් එක්ක ඒ තොරතුරු බෙදාගන්න අමතක කරන්න එපා ඔන්න..

    6 comments:

    1. පිංතුර ටික සුපිරියි. කාචද්වාර විවරය ද්වාර වේගය නියමෙට ගලපා තිබෙනවා.භාවිත කළ කාචය කුමක්ද මලයා.. ටෙලි ලෙන්ස් එකක්ද මැක්රෝවක්ද.

      ReplyDelete
      Replies
      1. මොන ටෙලි ලෙන්ස්ද අයියා, අපිට කොයින්ද බූල් බල්ලො..
        මේ තියෙන්නෙ මගෙ කැමරා පොජ්ජ...
        http://www.photographyblog.com/reviews/nikon_coolpix_l100_review/

        Delete
      2. බොහොම ස්තූතියි අයියා අගය කිරීම ගැන.

        Delete
    2. ඕක නිකං පාරෙ යද්දි දැක්ක නම් ලස්සනක් නෑ.. ඒක නියමෙට අරන් තියෙනව.
      මේ මල නම් දැකල තියෙනව.. ගඳයි නේද ?

      ReplyDelete
    3. niyama photo tika...
      Parisaraya diha,bohoma parikshawen,nirawul manasakin baluwoth sundara boho de dakaganna puluwn..

      Jayama Wewa !!!

      ReplyDelete
    4. පට්ට ලස්සන 4to ටික අයියේ...නියමයි....

      ReplyDelete

     

    LIKE US!